වැහි කිරිල්ලීwaehi kirillii

Wahi Kirilli

ගී පද

වැහි කිරිල්ලී
අහස රිදවා කඳුළු ඉල්ලා කෑ ගසා හඩනා
දුර අහසේ සැරි සරනා
සසල කර සිත නැගෙ දුක් ගී හඬ හඬ ගයනා
ඔබයි මා සිත අහසේ රඳනා
වැහි කිරිල්ලී වැහි කිරිල්ලී

මොහොතනට හෝ අවසානයේ පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ අසනීය මල්
කෙසේ නම් මා ඔබ රකින්නද
ලියූ කවි කම් නෙතු බර ද මෙතරම්

උදා නොවුනද වස්සානයේ පිපෙනු දුටුවෙමි 
සෙනෙහසේ අසනීය මල්
කෙසේ නම් මා නොවිඳ යන්නද
සුවඳ මල් නම් හිත වසඟ වෙනවානම්