වැහි බිඳු වැටෙනවානම්waehi bindu waetenawaanam

Wahi Bindu Watenawanam

සංගීතය:
දිනේෂ් ගමගේdhineesh gamagee
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

රෑ පානේ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැළපෙන්නේ
කඳුලින් සදා මල් දම් ගොතා

හිරි වැටුණු සඳ සේයා
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිඟයි

වැහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම්
මොහොතක් තනිවී විඳිමි
ආදරේ
ළංවී ඉන්නේ මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමි
ආදරේ

මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලානේ
නුඹ රහසෙ කියන ගීතා
සෙමින් ඇසෙන්නෙ මාත්‍රා
පැටලිලා පැටලිලානේ

හිරි වැටුණු සඳ සේයා
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිඟයි

වැහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම්
මොහොතක් තනිවී විඳිමි
ආදරේ
ආදරේ......

වැහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම්
මොහොතක් තනිවී විඳිමි
ආදරේ 
ළංවී ඉන්නේ මා නම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමි
ආදරේ