විරුවෝ පිටියේ විරුවෝ (මා බිහිකළ මව් නිමින්)wiruwoo pitiyee wiruwoo (maa bihikala maw nimin)

Viruwo Pitiye Viruwo (Ma Bihikala Maw Namin)

ගී පද

මා බිහිකළ මව් නිමින් 
මාගේ පණ රැකු පිය නමින් 
මාගේ හැදු වැඩු දේශයේ 
විරුවන් තෙත් කළ ලේ නමින් 
කිසිදා නොසැලෙන ශක්තියෙන් 
කිසිදා නොබිඳෙන මිතුදමින් 
ජවයේ පොපියන රිද්මයෙන් 
ජය පැන් බොමු අපි නිසැකයෙන්...

විරුවෝ පිටියේ විරුවෝ
දිවි දී පන්දුව රැකගන්නෝ 
පිත්තෙන් වැඩ කිඩ දෙන්නෝ 
ක්‍රිකට් ලෝකයට පණ දෙන්නෝ...

කඳුහෙල් මැදින් දිවූ මේ දෙපා 
කොස් දෙල් පොළොස් බත හා පලා 
රහසයි අපේ ශක්තිය පුරා 
ජය නංවමු සිහ නද පතුරලා...

නැහැ බය හිතේ විරුවෝයි අපි 
පිති හරඹයෙන් වැඩ පෙන්වමු 
දඟරය මතින් කඩුලු දවා 
සිහලේ ධජේ අපි නංවමු...

මා බිහිකළ මව්...

විරුවෝ පිටියේ...