විරාග රාගයwiraaga raagaya

Viraga Ragaya

සංගීතය:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය.....

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා 
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා......

විරාග රාගය අතරේ..... 

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා 
ඈ මවෙතට ආවා....


විරාග රාගය අතරේ.....