විඳවන ප්‍රේමයwindawana preemaya

Vindawana Premaya

සංගීතය:
මධුන් දිසානායකmadhhun dhisaanaayaka
පද රචනය:
කලණ ගිහන්තkalana gihantha

ගී පද

තනියට ළඟ සිටි තනිකම තනිකර
නුඹ ළඟ තනියට ඉන්නට ඉඟි කර
දෑසට අඳුරක් එක් කර තනියට
යන්න සිතෙයි මට අඳුරට අත් බැඳ
විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......

අඳුරේ පෙම් කළ පෙම්වත් සිත් ළඟ
අඳුරේ තනිවුණ පෙම්වත් සිහිනය
නිහඬව හමුවුණ සිත ළඟ තනියට
එන්න සිතෙයි මට අඳුරේ අත් බැඳ
විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......

තනියට ළංවුණු තනිකඩ සිත් ළඟ
අඳුරට එක්වුණු පෙම්වත් සිහිනය
විඳුමට පහසක් එක්කළ තනියට
යන්නට එන්නට අඳුරේ අත් බැඳ
(විඳ විඳ විඳවන පෙම්වත් කුමරිය
සුසුමම පමණකි උරුමය සදහට......//)