විදුලි කොටයිwidhuli kotayi

Viduli Kotai

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
ගිහාන් චාමිකgihaan chaamika

ගී පද

ඉරිමාවක පිපුනද ඉරමල් මඳහාසිනි
නිල් මානෙල් පෙතිදෝ නිල් ඇස් මට යාවුනි  
මාත්‍ රාගැන නොහිතා ආල කවිය ලියවුනී
රජ වෙන්නම හිතුනා වෙනවද මගෙ රාජිනි

හද ගැස්සුවා අප්සරා මං ගොළු වුනා     
ඔය අත පතා මං ඉතා තැන්පත් වුණා

විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි 
විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි

විකාර බඹරුන්ට මල් පිපෙන කාලේ
වැරැද්ද දැක්කේම නෑ 
කුමාර බඹසරට අඩුපාඩු නෑනේ
රොනින් එහා ගියේම  නෑ

මල් උකුලේ ඇලවෙන්නම්
පෙම් යායේ නැලවෙන්නම්

(විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි...//)

කොපුල් තලාවන්ගේ වැසි වසින හාදු
මවන්න හිත නැතුව බෑ 
මලෙවිගෙ විල්තීරෙ රන්හංස ජෝඩු
සීතල උහුලන්නේ නෑ 

දඟ දෙතොලේ පැටලෙන්නම්
ළං ළංවී දැවටෙන්නම් 

(විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි
බැල්ම වසයි ඒ වුනත් පුදුම රසයි...//)