විදුලි දුම්රියේ චංචල නාදයwidhuli dhumriyee chanchala naadhaya

Viduli Dumriye Chanchala Nadaya

සංගීතය:
මොහමඩ් සාලිmohamad saali
පද රචනය:
දයානන්ද කුමාරසිරිdhayaanandha kumaarasiri

ගී පද

විදුලි දුම්රියේ චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ

ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ

විදුලි දුම්රියේ චංචල නාදය.../

පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ

විදුලි දුම්රියේ චංචල නාදය.../