වෙර වීරියwera wiiriya

Vera Veeriya

ගී පද

වෙර වීරිය ඇත්තේ සිතේ 
පියකරු බව ඇතත් වතේ  
දහදිය නොම හැලෙන ගතේ 
ඔබ පොළොවට බරකි පුතේ....

පෙර විරුවන් අපගෙ පුතේ 
ඉදිකල වව් බලන් පුතේ 
දෑතේ සවියෙනුයි වී තිබේ 
ඒ මහා වැව් බැඳුනේ පුතේ.... 

එවන් ලෙයින් උපන් පුතේ 
සුරුවිරුකම් ඔබට අතේ 
දෑ උරුමය ඇතිව සිතේ 
මව්බිම දෙස බලන්න පුතේ....