වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින්wii paedhuren igilii yana kurulleku lesin

Vee Paduren Igili Yana Kurulleku Lesin

පද රචනය:
මහින්ද දිසානායකmahindha dhisaanaayaka

ගී පද

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින් //

ඔ‍බේ ‍දෙ‍තො‍ලේ ‍මොලකැටි බව නාදුනන ‍ලෙසින්
නා දළු වැනි සුමුදු ‍වෙතැයි කියමිද ‍කෙ‍ලෙසින්

වී පැදු‍රෙන් ....

ඔ‍බේ ‍සොඳුරු මුව මඩ‍ලේ කැළුම් මම දුටිම්
පුර පස සඳ ඔබ පරදයි කියමිද ‍කෙ‍ලෙසින්

වී පැදු‍රෙන් ....

ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට ‍බොර වූ වතුරක් ‍බොන්නද ‍කෙ‍ලෙසින්

වී පැදු‍රෙන් ....