වේදනා විඳින්නදweedhanaa windinnadha

Vedana Vidinnada

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
හිරාන් තේනුවරhiraan theenuwara

ගී පද

වේදනා විඳින්නද ළං වුණේ මා නුඹට 
චෝදනා කරන්නේ වෙන් වෙලා යන්නද
ආදරේ කියන්නේ දුක කඳුල පමණද
දුක කඳුල දැනෙන්නේ ආදරේ නිසාද......

ආදරය අපමණයි ජීවිතය නුඹ තමයි
නුඹ දන්නේ නැති තරම් මම නුඹට ආදරෙයි
වෙන් වෙන්න හදන්නේ හදවතින්මද ඔයා
රිදවන්න හදන්නේ හදවතින්මද ඔයා.......

වේදනා විඳින්නද........

හිරු නැගෙන විට සඳු බැස යනවා නොකියාම
අටවකයි අවසඳ නුඹ නොමැති කල මට
විඳවන්න මේ තරම් පෙම් බැන්දේ ඇයි මට
රිදවන්න මේ ලෙසින් ළං වුණේ ඇයි මට......

වේදනා විඳින්නද........