වැහි දිය මහා waehi dhiya mahaa

Vahi Diya Maha

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
නුවන් ලියනගේnuwan liyanagee

ගී පද

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද                                                   
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
(මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න ...//)

රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
(අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න ...//)

වැහි දිය මහ බිම තෙමුවට .../