උතුර දකුණ නැගෙනහිරත් uthura dhakuna naegenahirath

Uthura Dakuna Nagenahirath

ගී පද

උතුර දකුණ නැගෙනහිරත් 
බටහිර යන සතර දෙසත්//
රට රකින අපි හමුදා සෙබලු
රජ කරන අපි හමුදා සෙබලු...

ලක්මව සුරකින්නට අපි සටනට යන්නේ 
සියලු සතුරු කඳවුරු සුනු විසුනු කරන්නේ 
කිසිදා නැත අපි තනිකර පලා දුවන්නේ
සියලුම කරදර සිනහවකින් පිළිගන්නේ...

ඔබ රැකගන්නයි අපි මේ නිරතුරු ඉන්නේ 
අහසින් පොළවින් මුහුදින් රැකවල් ලන්නේ 
කිසිවෙකුටත් නැත මව්බිම අඟලක් දෙන්නේ 
සිංහ කොඩිය සෙවනේ ඉදිරියට ඇදෙන්නේ...