උත්තම මුනි දළඳා වඩම්මනuththama muni dhalandaa wadammana

Uththama Muni Dalada Wadammana

පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

උත්තම මුනි දළඳා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ //

උදේනි රජ පුත් ධන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන් //
කෙස් කලඹේ සඟවා හිසින් ගෙන

උත්තම මුනි දළඳා වඩම්මන ....

උත්තම මුනි දළඳා හිසින් ගෙන
කෙස් කලඹේ සඟවා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුරු ගැඹරේ //

උත්තම මුනි දළඳා වඩම්මන ....

සත්සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරායා //

උත්තම මුනි දළඳා හිසින් ගෙන ....
උත්තම මුනි දළඳා වඩම්මන ....