උස්‌සංගොඩ කඳු මුදුනටussangoda kandu mudhunata

Ussangoda Kandu Mudunata

ගී පද

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

උස්‌සංගොඩ කඳු මුදුනට....

එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ
සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත

උස්‌සංගොඩ කඳු මුදුනට....
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම