උරුම ආදරේuruma aadharee

Uruma Adare

සංගීතය:
එනොෂ් පෙරේරාenosh pereeraa
පද රචනය:
එනොෂ් පෙරේරාenosh pereeraa

ගී පද

කතා කරන ඔය ඇස් නිසයි මගේ හද කිති කැවුණේ
මල් වැනි සුසිනිඳු කොපුල් නිසයි සිප ගන්නට සිතුණේ
නොහැඟේය වරදක්දෝ නුඹට පෙම් බැන්දේ
එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ
ආ.... එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ.......

පාසැල් වියේ ගම්මානේ මා පෙම් සොඳුරි
නිරතුරු සිටියේ ඇය මා ළයට තුරුළු වී
එනදා මා සරසවි හිමිදිරි අරුණෝදේ
කඳුළැල් මැද දිරි ගත්තෙමි සිනහාවෙන් ඇගේ......

නොසිතූ ලෙස මුණ ගැසුණත් අප සරසවියේ
නොපතමි නුඹ පමා වැඩි මා පෙම් කෙළියේ
සිය දහසක් සිතුම් පැතුම් පොපියම්න් සිතේ
ඇය සිටිනුයේ යළි මා එහි එනකල් විගසේ......

නුඹ වෙතදෝ ඇය වෙතදෝ මසිත පුදන්නේ
දෙසිතක් මැද අසරණ වී අද මා මෙලෙසේ
ආදරයේ විරහ ගීය ඇසෙනවා රහසේ
(සරසවියේද ගමේද මට උරුම ආදරේ......///)