උපත ලබාupatha labaa

Upatha Labaa

ගී පද

උපත ලබා මේ ලෝකේ  -සැපත යෙදේවී සෝකේ....//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ

ධනපතිඳා හා දුගියා කුලපතිඳා හා රොඩියා
කුලපතිඳා හා රොඩියා
නැනවතු හා මෝඩ ජනයා බලවතු හා ලෝ සැමටා//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ
සැපම සොයාලා නිතිනේ මනුසත මේ ලෝ රැවටී
මනුසත මේ ලෝ රැවටී
රුදු අපරාදේ ගැලෙති ඝොර දුක වේවී නිරයේ//
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ

සැම රෙදි සේදී ජලයේ පිරිසිදු වේවී සොඳිනේ
පිරිසිදු වේවී සොඳිනේ
දන මන සෝදාලනසේ ඔසු නැත මේ ලෝකයෙහි
විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
කරුමේ .... පාපේ ලෙසේ

උපත ලබා මේ........../