ගී පද
උපනා තනිකම මියෙනා තුරැ හිඳ
යමුද මෙලොව හැර නුණුවන දනන් ලෙසින්
දිලෙනා ලොව තුල නැගෙනා හිරැ ලෙස
පොකුරු ගැසෙමු අපි මල වට බඹරැ ලෙසින්
උපනා තනිකම මියෙනා....
මලට ඇදෙන බිඟු මල වට රඟ දෙයි
උන් නගනා හඬ මල් පෙති පුබුදයි
මිනිසුනේ අතු අග දිලෙනා ලොව හැඩ කරනා
කොඳ මල් සිඳිනු එපා
උපනා තනිකම මියෙනා....
පෙමින් බැඳුන සිත මුළු ලොව සනසයි
යොවුන් පැතුමි රස පහසින් පිබිදෙයි
සොයුරනේ කඳුලැලි පුරනා හද ඉකි බිඳිනා
පෙමි සිත් බිඳිනු එපා
උපනා තනිකම මියෙනා....