උපනා තනිකමupanaa thanikama

Upana Thanikama

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
ජයතිස්ස බොරළුගොඩjayathissa boralugoda

ගී පද

උපනා තනිකම මියෙනා තුරු හිඳ 
යමුද මෙලොව හැර නුනුවන දනන් ලෙසින්
දිලෙනා ලොව තුල නැගෙනා හිරු ලෙස
පොකුරු ගැසෙමු අපි මල වට බඹරු ලෙසින්

මලට ඇදෙන බිඟු මලවට රඟදෙයි
උන් රඟනා හඬ මල්පෙති පුබුදයි
මිනිසුනේ
අතු අග දිලෙනා ලොව හැඩකරනා
හොඳමල් සිඹිනු එපා

පෙමින් බැඳුනු සිත මුලුලොව සනසයි
යොවුන් පැතුම් රස පහසින් පිබිදෙයි
සොයුරනේ
කඳුළැලි පුරනා හද ඉකිබිඳිනා
පෙම් සිත් බිඳිනු එපා