උපන් බිමෙන් upan bimen

Upan Bimen

ගී පද

උපන් බිමෙන් පිට වුයේ
නුහුරු රටේ තනිවුයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා... හිතට මගේ
මා හෙලන දා බින්දු 
මසුරන් වේ නුඹ හින්දා
එවූ ලියමන ලැබුනා 
මල් දහසක් සිත පිපුනා 
ළඟ උන්නා මෙන් දැනුනා 
හිතට මගේ පන ලැබුනා 
සෙනහස මා දුටුවේ

හැමදා රෑ සිහින වැලේ 
නුඹ එනවා... හිතට මගේ...
මා හෙලන දා බින්දු 
මසුරන් වේ නුඹ හින්දා
රන් මසු මිල ගෙවුනේ 
රන්සළුවක් සිඟිති බඳේ 
රන් මාලා පුංචි ගෙලේ 
ටිකිරි සිනා ටිකිරි මුවේ 
රජකම මා දුටුවේ

උපන් බිමෙන් පිට වුයේ .../