උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවාupadhinaa haema bhawei numba magema weiwaa

Upadina Hema Bawe - Kiyannam Aththak

ගී පද

උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා
ඔය හිතේ හැම දිනේ සතුට ඇති වෙිවා 

කියන්නම් ඇත්තක් අද නුඹට 
ආදරෙයි වැඩියෙන් මගෙ පණට
ඡීවිතේ සතුටෙන් හැමදාට
තියන්නම් කඳුලු නොදි දෑසට
 
නුඹ දුන් සෙනෙහස උතුරා යන
මහමෙර තරමට වටිනවා පණ
දුප්පත් මේ හිත නිවනා තැන
නු⁣⁣ඹේ සෙවණමයි මට හිමිකම

කියන්නම් ඇත්තක් අද නුඹට 
ආදරෙයි වැඩියෙන් මගෙ පණට 
ඡීවිතේ සතුටෙන් හැමදාට 
තියන්නම් කඳුලු නොදි දෑසට 

දවසින් දවසට නුඹ දුන් පෙම
රකිනවා සත්තයි හැම මොහොතම
දවසක කෙල්ලේ ඔය තුරුලෙම 
අවසන් හුස්ම හෙලන්නම් මම

කියන්නම් ඇත්තක් අද නුඹට 
ආදරෙයි වැඩියෙන් මගෙ පණට 
ඡීවිතේ සතුටෙන් හැමදාට 
තියන්නම් කඳුලු නොදි දෑසට 

උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා 
ඔය හිතේ හැම දිනේ සතුට ඇති වෙිවා 

කියන්නම් ඇත්තක් අද නුඹට 
ආදරෙයි වැඩියෙන් මගෙ පණට 
ඡීවිතේ සතුටෙන් හැමදාට 
තියන්නම් කඳුලු නොදි දෑසට