උණුහුම 2unuhuma 2

Unuhuma 2

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ප්‍රගීත් රාජපක්‍ෂpragiith raajapaksha

ගී පද

ආරාධනා නෙතගින් ගෙනා 
සංසාර සිහීනේ දෙහද යා කරා 
හංගා ගෙනා මල් අතුරලා 
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා 

ඔය දෙකොපුල් තෙමා - රන් නා දලු සිඹිම් 
මම දෙනුවන් වසා - නුඹ අහසින් වඩ්ම් 
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් 
මගේ රණහංසි ඒදෝ කියා 
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම් 
මගේ පතිනියනි ආදරේයිනෙ මා 

හුස්මත් උණුයි - කඳුළුත් හඬයි 
මට ඉන්න බෑ - හරිම පාලුයි 
මතකය නුඹයි - එතකොට දුකයි 
දිවිගෙවෙනවාදෝ හරි සැකයි 

මේ කුලු මතින් රිදී ඉර නුඹයි 
මං දන්නවා නුඹ නොඑනා හැඩයි
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් 
මගේ රණහංසි ඒදෝ කියා 
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම් 
මගේ පතිනියනි ආදරේයිනෙ මා