උන්මාදනියේ වෙන්වී යන පිටුපාලාunmaadhaniyee wenwii yana pitupaalaa

Unmadiniye Wenwee Yana Pitu Pala

ගී පද

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා //
සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා

ඔබේ දෙනෙත් අභියස එක රැවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා //
අගේට දිවි කුසලානය මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා

උන්මාදනියේ ....

අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා //
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා 

උන්මාදනියේ ....