ගී පද
උන්මාදිනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා
මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී
උන්මාදිනී හැංගුණා....
ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින්
සංතාපයේ ලා පොද වෑහුණේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී
උන්මාදිනී හැංගුණා ....