ගී පද
උන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන්සළුපිළි වළලු කොඉන්දෝ
දොයි දොයි පුත ළපටි බිළින්දෝ
රන් කද රැක දේවි සුරින්දෝ.
උන්චිල්ලා තොටිලි කොයින්දෝ ...
රුසිරෙන් සරු මල් සරපරදා
නුවණින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැද දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා...
සිතමින් මවගෙ කතා...
දොයි දොයි දොයිය පුතා...//
උන්චිල්ලා තොටිලි කොයින්දෝ ...
සලකනු පරපණ තම පණසේ..
හොර බොරු නොකරනු කිසිදවසේ..
ඉපදුනු රට දැය සහ සමයයි..
නැත මළ පසුවද නම නොමැරෙයි..
සිටියොත් හොද්ට හැදී..
දෙවියොත් නමට වදී...//
උන්චිල්ලා තොටිලි කොයින්දෝ ...