ගී පද
යන්ට එන්ට බැරි කන්ට බොන්ට නැති ගෙදරට හිරවුණු
මුලු ලෝකෙම කොර වුණු
ඇයි මෙහෙම කළේ වල්ගා තරූ
Embassy එකට වැඳලා පුදල ticket එක අරගමු
VIP කියල රණ්ඩු වෙමු
කන්දකාඩු නිරෝධායනෙ යමූ
පඩි කපලා වැඩ කරත් මේ ටිකේ
නම මකලා පන්දාහෙ ලිස්ට් එකේ
දුර තියලා මීටරේ පෝලිමේ
අයිඩෙන්ටි නොම්මරෙ දින ලැබුණට හිත ගැහෙයි මගේ
(උඹ බබා උඹ බබා මට කොකා පෙන්නපු
චීනා තමා චීනා තමා කොණ්ඩෙ බැඳල ලෝ නැසූ) //
හයිඩ්රෝක්ලෝරෝකුවින් වලට වැඩිය ප්ලැකනිල් හොඳයි කොල්ලො
මගෙ ෆිසියො ගෙදර එනෝ
වීඩියො කරලනෙ රෙනෝ
චන්ද තියන්නට බය වෙල මුන්ගෙ යටි බඩ ගුරු ගුරු
සීයට තුනකගෙ හිතෙ කුණු
හැමදේටම කුරු කුරු
පඩි කපලා...
උඹ බබා...//