උකුලට නාවත් එදා වගේukulata naawath edhaa wagee

Ukulata Nawath Eda Wage

ගී පද

උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ ‍…//

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ ‍… ‍…

උකුලට නාවත්.....

අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ ‍… ‍…