ගී පද
සුර සැප සේ තුරුළු සුවේ
වින්දෙමි මා ඔබගේ ඇකේ
මේ ලොවේ උතුම් ආදරයේ
සැනසීම ඔබයි ජීවිතයේ
උහුලගත්තා අපේ නමින් වේදනා
සඟවා ගත්තා අපේ නෙතින් දුක එදා
නොනිදා රැක්කා ඔබේ පණයි අපි කියා
අම්මා නිසයි ලොව දුටුවේ
අම්මේ ඔබයි මගේ ලෝකේ
උපමා නැති ලොවේ ඔය කරුණා ගුණේ
ඇඟ ලේ කිරි කලේ අපි වෙනුවෙන්
පුරුවා කුස අපේ පිරුනේ හිත ඔබේ
දීලා සියළු දේ හැකි හැටියෙන්
උහුලගත්තා අපේ නමින් වේදනා....
සොයලා තුන් යමේ රඳවා ගෙන ඇසේ
සැමදා සැනසුනේ අපේ සතුටින්
අශිර්වාදයේ පිහිටයි ඔය හිතේ
සැමදා සුරැකුවේ මා නිදුකින්
උහුලගත්තා අපේ නමින් වේදනා
සඟවා ගත්තා අපේ නෙතින් දුක එදා
නොනිදා රැක්කා ඔබේ පණයි අපි කියා
සුර සැප සේ තුරුළු සුවේ....