උදුම්බරා මනාලියේudhumbaraa manaaliyee

Udumbara Manaliye

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

ගී පද

උදුම්බරා මනාලියේ 
රුවින් උතුම් කුමාරියේ //
උදුම්බරා

අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා... /

කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා... /