උදුල තරු මේ අහස් තලයෙන්udhula tharu mee ahas thalayen

Udula Tharu Me Ahas Thalayen

ගී පද

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ
මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැගුම් ගංගා ඔහේ සැලුනාවේ
සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී
රාත්රියේ ආයේ

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ
සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී
රාත්රියේ ආයේ