ගී පද
උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා
එනමුදු මා සිත සෙමින් ගැහෙනවා
ඔයා වේවිදැයි නිරතුරු මා දැවෙයි
පෙම විමසන්නට බයක් වගේ දැනෙයි
රාධා...
රාධා...
නුඹ මා සිතේමයි සඳ සේ වෙලෙමයි
මා රෑ පුරා හැඟුම් මවන්නා
උදේ හවා දකිනවා...
මගේ ප්‍රේමේ සොවේ හෙලලා
අකැමැති වී ගියා කියලා
නෑ තරහා...මා...
සතුටයි ඕනා...
අඳුරේ දාවා මා ඇය නෑ ලඟින් මා
කඳුලේ ගිලිවා
උදේ හවා දකිනවා...
ගුරු පාරේ සිනා සලාලා
නුඹ ඈතට පියා සලාලා
නෑ තරහා...මා...
සතුටයි ඕනා...
සොඳුරේ ළඟින් මා රැදෙනු
බහා දීලා
නොයන්න මේ ලොව මා දාලා
උදේ හවා දකිනවා...