ගී පද
(උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ...//)
(සිංහල ජාතියට ගරු සර
ලබා දෙවන උඩ රට නිළිය...//)
(ඔබෙ සියුමැලි මද සිනාව
රන් පැහැ දෙතොලට ඉනාව...//)
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩ රට නිළිය හැඩ වගේ....
(බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරලා...//)
(සොඳුරු නිළිය අපෙ නාළිය
උඩ රටටම හැඩකාරිය...//)
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩ රට නිළිය හැඩ වගේ....//