උදම් රළ ඔබ උදම් විය යුතු නෑudham rala oba udham wiya yuthu nae

Udam Rala Oba

ගී පද

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු උන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

පණ අදිද්දී තමන්ගේ උන්
පැළැඳි කණකර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ 
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

වැළපෙනා බෝසතුන් දන් දුන් 
නිදන පැදුරත් සොරාගෙන ගිය
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ