උඩැක්කි කෝළමudaekki koolama

Udakki Kolama

සංගීතය:
විමල්ජිත් දොඹගහවත්තwimaljith dhombagahawaththa
පද රචනය:
විමල්ජිත් දොඹගහවත්තwimaljith dhombagahawaththa

ගී පද

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම......

උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම.....

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන......

පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම.....

දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන......//