උඩහ ගෙදර රන් එතනාudaha gedhara ran ethanaa

Udaha Gedara Ran Ethana

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි 
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි 
දණ්ඩි පැටව් උඩ පැන පැන රණ්ඩු දබර වෙයි 
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ළඟ දොයි.....
 උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි 
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......

(පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ....//)
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ 
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි 
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......

(සමන් ගිරේ ගිරි මුදුනට යන සමනලුනේ....//)
පාර කියනවද අප හට සිරිපා තඹරේ 
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි 
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි 
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි........