උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නටudawaediyaa malak welaa dhurin unnata

Uda Wadiya Malak Wela Durin Unnata

ගී පද

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට

ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ළය සුසුමින් සිදුරු කරන්න
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න

උඩවැඩියා මලක් වෙලා....

පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න
ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න

උඩවැඩියා මලක් වෙලා....