ගී පද
අවසාන තීරණේ වෙන්වීම නම් ඔබේ
නවතන්නේ කොහොම මං වස්තුව මගේ
මෙතුවක් දවස් ඔබේ බොරුවෙන් රැවට්ටුවේ
පණටත් වඩා හුඟක් පෙම් කෙරුවා මා
(උඩ ඉන්න දෙවියන්ට භාරයි ඔයා
ඔහුගේ වෙලා ඉන්න මියෙනා තුරා.......//)
ආදරේ කළා කියලා විහිළුවක් කළා
වේදනා දවා දැම්මා ජීවිතේ පවා
පාපයේ ඔයා බැඳුණා වෙනතක් පතා
මා ළයේ තිබූ හුස්මත් නැවතුණා සදා
මැරුණා මාගේ ප්‍රාණේ සත්තයි සදා
(උඩ ඉන්න දෙවියන්ට භාරයි ඔයා
ඔහුගේ වෙලා ඉන්න මියෙනා තුරා.......//)
ඔබ මගේ වෙලා උන්නේ දිගු කලක් පුරා
ඇස් දෙකෙන් හුඟක් ඈතයි දැන් ඉතින් ඔයා
චෝදනා කරන්නෑමයි කාටත් මෙමා
දෛවයේ ලියන්න ඇත්තේ ඔහුටමයි ඔයා
ඔබ තාම ඉන්නවා මේ ලේ වල පවා.......
අවසාන තීරණේ.......