ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලාtikiri maenike aembula genallaa

Tikiri Manike Ambula Genalla

ගී පද

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා...//)
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා

(ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවණට වීලා...//)
නෙළුම් කොලේ එතන තියාලා
ටිකිරි මැණික ඇඹුල බෙදනවා

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා

(නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රස කර කනවා...//)
ඔමරි හිනා හඬ පැතිරෙනවා
මුළු ගමටම කිරි ඉතිරෙනවා

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා....