ගී පද
තුට කළ ලෙවන් ගුන නැණ රුවින නෙක ලද
පිට කළ අරුත් පුවතද මා නොවන සඳ
රට කුල සිරින් අවුරුදු මඟුල් වියතුද
මට කළ සදොස් නැත නුඹ නාවෙතින් අද
උත්සා කර බැලුනේ දුටු දා සිට මිසක
උත්සහ කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුණා වැහි බියෙ ගේ තුළට
ඇස් වහ වදිනවද දුටුවම මුහුණ වට
වසා වස් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුධ ගමන යයි වට පිට බලලා
ඉතා රත් ලියක් කහවත් දෙවි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා
පුන් සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ සිට නිදන්නේ
රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදිදෝ මා ළං කර නොගන්නේ