තුරු ළපලු ලතාවෝthuru lapalu lathaawoo

Thuru Lapalu Lathawo

සංගීතය:
H M ජයවර්ධනh m jayawardhhana
පද රචනය:
හැරී විමලසේනhaerii wimalaseena

ගී පද

තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ ආදර විහඟුන් බලා 
තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ

සිතුම් විමානේ සසල කළා වූ පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කළ ආදර ගීතය නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ....

ජීවිත උයනේ විකසිත කුසුමන් සුවඳින් මහද සැලී
නෙතු කැන් පිබිදී තරු මල් දිලිසී දිවිමග එළිය දිදී
සවනට මාගේ කොඳුරන්න නයනාවියේ

තුරු ළපලු ලතාවෝ පවනේ සැලේ....