තුන්ලෝ බුදුන් වැනි අම්මාthunloo budhun waeni ammaa

Thunlo Budun Wani Amma

පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(තුන් ලෝ බුදුන් වැනි අම්මා 
වඳිමුව දෝත මුදුන් නමිමා).../// 

හෝ..හෝ..හෝ... 
බෝසතාණෝ මහා චන්ඩ මුහුදේ 
නැව් නැගීලා ගියේ ඒ පුරාණේ 
නැව් බිඳී රෑක මහ බෝසතාණෝ 
හෝ..මවි කරේ නංවා පිහිනා ගියානේ 
පව් නෑ සිරස පොලෝ රන්දා 
මව්ගේ පාද කමල් වැන්දා 

(තුන්ලෝ බුදුන් වැනි අම්මා 
වඳිමුව දෝත මුදුන් නම්මා)../// 

හෝ..හෝ...හෝ.. 
වංකගිරියෙ එදා මන්ත්‍රී දේවි 
දූ පුතා කොයිදෝ සොයමින් හඬාවී 
එදරැ දන් දුන්න තවුසා කියාවි 
හෝ සාධු සාධු කියා ඈ පුදාවී 
මෛත්‍රී බුදුන් නැමද නිමිමා 
සසරේ නිවන් දකින් අම්මා 

(තුන්ලෝ බුදුන් වැනි අම්මා 
වඳිමුව දෝත මුදුන් නම්මා)..///