තුන් සිත දැහැන්thun sitha dhaehaen

Thun Sitha Dahan

ගී පද

තුන් සිත දැහැන් ගත වෙනා - සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ
සිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිම වෙනා - මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන - සුන්දර සිහින රැඟුම
සිත ළඟ රඟනවද ඔයා

නෙතඟට කඳුළ ගෙන දෙනා - නරඹන සිත ද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම - සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා - තනිවම සිතින් වැළපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා

පෙම්බර වදන් වැල් විනා - දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා - දුක්බර පද වැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ  ලොවක
දුක්බර ගැයුම නම් එපා