තුමුල බල ඇති තෙදැති දෙවඟනthumula bala aethi thedhaethi dhewangana

Thumula Bala Athi

ගී පද

තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුනලු 
ඔබගෙ දෙව්ලේ යහන පාමුල//

ඉරා සළුපට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝන දිය
පලා අසිපත නසා එහි පළු
පසිඳ විය හැකි වේද යුක්තිය

තුමුල බල ඇති......

ධවල සළුපිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැලුනිද
ඔබේ ගත රැදි දුහුල් සළුපට 
හමන සුලගට ඉගිල යාවිද 

තුමුල බල ඇති ......