ත්‍රිවීල් ගීතය (රුසියාවට)thriwiil giithaya (rusiyaawata)

Three Wheel Song (Rusiyawata)

සංගීතය:
පසන් ලියනගේpasan liyanagee
පද රචනය:
රවින්ද්‍ර මීගාමාරච්චිrawindhra miigaamaarachchi

ගී පද

(රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලී
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්‍රිවීල් ටුක් ටුක් ගාථා පිටිපස්සෙන් අලවගන්න
වදන් දෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න...//)

(සල්ලිත් නෑ සනීප නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ
වැදිලත් නෑ වද්දලා නෑ කවදාවත් වැරදිලා නෑ...//)
නැන්දේ මාමේ මේ අහන්න දුව බෑ අමතක කරන්න
පුංචිකමට දඟ කළාට ගණන් ගන්න එපා වුණා
ඔබ පහුවුණා නොවේ මා ඔබ පහු කළා නේද
රෝද තුනෙන් ඉගිලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න.....

රුසියාවට වඩා......//

රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
පිඹගෙන එන්නේ විදගෙන යන්නද
අස්සෙන් මුල්ලෙන් දාගෙන කලර් එකේ අරන් යන්න
අඩු ගානට හයර් මෙන්න එන්න අපිත් එක්ක යන්න
(උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ළඟ ඉන්නා...//)

(දැවටෙන්නෑ පැටලෙන්නෑ අතිල්ලිලා අපි යන්නෑ
හයියෙන් යන්නෙත් නෑ ආවොත් අපි අරින්නේනෑ....//)

සල්ලි අයියා දුන්නේ අම්මේ නුඹ බුදු වෙන්නේ
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ
ඇස්වහ නෑ කටවහ නෑ කිට්ටු වැඩි නේද ඔයා
අමාරුවෙන් ගත්ත නිසා වද්දන්නට එපා ඔන්න.....

රුසියාවට වඩා.......