ගී පද
(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා)...//
රූස්ස ගහ ළඟ ඇලවී
තොප්පි ගොඩත් බිම පෙරළී
මහ තඩි කොටයක් ඉරනා සද්දෙන්
ගොරවන්නට ගත්තා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා
තොප්පි වෙළෙන්දෙක්.../
නින්දෙන් ඇහැරී බැලුවා
තොප්පි නොමැති බව දැණුනා
පිස්සු ඩබල් වී මොලේ කචල් වී
මිනිහට තරු පෙණුනා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා
(අනුන්ගෙ දේවල් ගන්න එපා
වඳුරන් වාගේ වෙන්න එපා
අනුන් කරන දේ කරන්න ගියොතින්
අපිත් වඳුරො වෙනවා)...//
අපිත් වඳුරො වෙනවා...///