තිසාවැව ළඟ රළපනා‍වේthisaawaewa langa ralapanaawee

Thisa Wewa Langa Ralapanawe

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
පද රචනය:
නයනසේන වන්නියනායකnayanaseena wanniyanaayaka

ගී පද

තිසාවැව ළඟ රළපනා‍වේ
බලා ඉන්නම් හු‍දෙකලා‍වේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දි‍යේ ගි‍ලෙනා ‍වෙලාව් //

ක‍දෝපැණීයන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා ‍වෙලා‍වේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යා‍මේ
මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයා‍මේ

දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන ‍වෙලාවේ
ඕලුමල් සයන‍යේ මත්වුනු 
බමර ගී ඇ‍සෙනා විරා‍මේ
මුදා ගන්නේ ‍කෙ‍ලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයා‍මේ

තිසාවැව ළඟ ....