තිබුනේම නෑ අතේ නම් මහ ලොකුවට මුදල්thibuneema nae athee nam maha lokuwata mudhal

Thibunema Na Athe

ගී පද

තිබුනේම නෑ අතේ නම් මහ ලොකුවට මුදල්
කීය හරි හම්බ කෙරුවේ අපේ හෙට ගැන හිතන්
ගැළපෙන්නෙ නෑ කියාලා ඔයා අද වෙන් උනත්
කවදාක හෝ දැනේවී මගේ වටිනාකමත්

දෙවියන් බුදුන් වැඳ කළ ප් ‍රාර්තනාවන්
කඩකළ ඔයා මට ජාතිත් එපා තවත්.....//

කාටත් හොරා රහසේ අප හිත් එදා බැඳුනේ
මේ ලෙස දුරස් වෙන්නද කියලා කියන්න කෙල්ලේ
අවසානයයි ප් ‍රේමේ කවුරුත් එපා ආයේ
හුරුකරල නෑ තවත් මං ලබන්නට ආදරේ.......

දෙවියන් බුදුන් වැඳ කළ ප් ‍රාර්තනාවන්
කඩකළ ඔයා මට ජාතිත් එපා තවත්..... //

වටිනාකමක් මාගේ දැනුනොත් ඔයාට ආයේ
නෑ හිතේ ඉඩ දෙන්නට නම් පුලුවන් කමක් නෑනේ
රැවටීම පාපයක්නේ ඔයා ඒ පාපෙ කෙරුවේ
තනියෙන්ම ඉන්නවා මං මියෙනා තුරා ආදරියේ.......

තිබුනේම නෑ අතේ නම්..............