ගී පද
ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන්
කිසිදාක නෑ නුබෙන් මෙමා
හිගමන් යදින්නෙ ආදරේ
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තෙ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ
තේරුම් ගියා නුබ වෙනස් වී කියා
නැවතීමක් තියා - නුබ ගියා නුබ ගියා...//
ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා
ආයෙ වාරයක් දුක් වන්නෙ ඇයිද මා
මා නොදුන් දෙයක් තිබුනාද ජීවිතෙන් එදා
නුඹගෙ සතුට මාගෙ පැතුම යැයි සිතා
මගේ විදවීම නම් නුඹේ සැනසීමනම්
තව කොහේද ආදරේ කතා
තේරුම් ගියා.../
ආදරේ දුරක් ගෙන ආපු මුත් නුඹේ වෙලා
මාව ආයෙ නුඹ පවා පතන්නෙපා
මා ලැබූ දෙයක් තිබුනාද ආදරෙන් සදා
කළකිරීම හැර මහා දුකක් විනා
මගේ විදවීම නම් නුඹේ සැනසීමනම්
තව කොහේද ආදරේ කතා
ගිය දේ ගියාදෙන්.../
තේරුම් ගියා...//