තේරුම් ගත්තේ පස්සේtheerum gaththee passee

Therum Gaththe Passe

සංගීතය:
දිනේෂ් අමිලdhineesh amila
පද රචනය:
දිනේෂ් අමිලdhineesh amila

ගී පද

තේරුම් ගත්තේ පස්සේ ඒකයි කඳුළු දෑසේ
ගතින් ළං වෙලා හිටියත් හිතින් දුර ගිහින්
වෙන කෙනෙක් කෙරේ බැඳුනේ 
අඩුපාඩුවක් වුණාද මගේ ආදරේ
මෙතෙක් කල් ගෙවාන ආ
ස්ථිර ආදරේ සුණුවිසුණු වෙලා ගියා........

නපුරු නෑනේ ඔයා පෙරදා අද නපුරු වෙලා වාගේ
දරුණු වදන් එකින් එක මට ගොතාලා කියා 
පුංචි වැරදි ඔයා දැක්කේ මහාමෙරක් වගේ 
ඇමතුමත් මගේ දැන් නම් අවහිරයි වාගේ......

වෙන කෙනෙක් කෙරේ බැඳුනේ 
අඩුපාඩුවක් වුණාද මගේ ආදරේ
මෙතෙක් කල් ගෙවාන ආ
ස්ථිර ආදරේ සුණුවිසුණු වෙලා ගියා........

මේ හීනයේ වෙලීලා ගෙවාගන්න බෑනේ ජීවේ
මිරිඟුවක් වගේ මාගෙන් වෙන් වෙලා ඔයා
සදාකල් රකින්නම් මා ඔයා දුන් ඒ අතීතේ
කාටවත්ම බෑ ආයේ වෙන්න නම් ඔයා.......

වෙන කෙනෙක්......
තේරුම් ගත්තේ........