ගී පද
තේරුම් ගන්නේ කවදද ඔබ මා
හැම තප්පරයේ මං වැරදිකාරයා
ඔබ නෑ දන්නේ මගේ සෙනෙහෙ මා මළ දවසක එය වැටහේ
එදාට නම් පසුතැවෙනු එපා මා වෙනුවෙන් නම් හඬනු එපා
ඔබ හැර කවුරුත් දැන් මට නෑනේ
ලැබුනු සම්පතත් දුරස් වෙලානේ ආදරේ මට නැද්ද ඔයා.....
මාව හඬවා වියතක් ඈතින් ඉන්න එපා
ගැහෙන හුස්මේ විලාපයට කන් දෙන්න එපා
තනි වුණු මනසින් සැරි සරන්න ඉඩ තියනු එපා
මා දුන් සෙනෙහස වෙනකෙකුගෙන් සොයනු එපා...
තේරුම් ගන්නේ කවදද...
ඔබගෙන් තොර වූ ලොවකට යන්නට වෙන්න එපා
තුරුණු පපුවේ තවකෙකු නුහුරට එන්න එපා
වැරදි ඇත්නම් තේරුම් බේරුම් කරලා ඔයා
ආදරෙන් ඉමු සංසාරේ නිම නොවෙන තුරා...
තේරුම් ගන්නේ කවදද....//