තව ටික කාලෙකින් මමthawa tika kaalekin mama

Thawa Tika Kalekin Mama

ගී පද

තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ 
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ 
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ 
මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ 

ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල් 
එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක් 
මැරෙන්න මොහොතකට කලින් උඹේ ළඟ ටිකක් 
තියා ගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක් 

තව ටික කාලෙකින් මම....

අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද 
මං කැවුවම විතරයි පුතු කෑවේ බත් ටික 
සංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම 
ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න

තව ටික කාලෙකින් මම....